Title

ගොගොල්ගේ ‘හිම කබායෙන්’
චෙකොව්ගේ ‘වැලපිල්ලෙන්’
අප දුටු සමාජය
පාවහන් නොමැතිව
සීතලේ වෙවුලමින්
මහ මඟ යන දුගියන්ට
අශ්ව කරත්තයෙන් යන රදළයන්
විනෝදෙට කසයෙන් තැළුෑ
සමාජය
කම්හල්වල” ගොවි බිම්වල
වහලුන් ලෙස වැඩකර
ක්ෂයරෝගයෙන්” සීතලෙන්
ලක්ෂ ගණනින් මියගිය
සමාජය
කර උඩුයටිකුරු
පහළ ගෙන ඉහළට
විද්‍යාවෙන්, ශිල්පයෙන්
ලොව ජය කෙහෙලි නැංවූ”
ලේ බැමි පරදවා
සොයුරු බැමි තර කර
දුසිරිත් දුරින් දුරුකොට
මිනිස්කම ඔප් නංවා
ගොඩනැගූ ඒ විසල් දේශය
දේශසීමා ඉක්මවා
එළිය පතුරන බොහෝ ඈතට
පහනක් සේ වැජඹුණු
ඒ මහරු දේශය
කෙසේ හැරුනි ද ආපසු
දුසිරිත් ගහන”
වියරු තරගයෙහි පැටළුණු
පාදඩයන් රජකරන
සමාජයකට
කෙස් පැලෙන තර්ක මතුකර
අල්ලා ගත හැකිය වරදකරු
එහෙත්
සොයාගත හැකිද යළිත්
නැතිවූ රතු මැණික
‘මිනිස්කම’

Title

Short Description

Read More

Title

Short Description

Read More